ලිංගික අපයෝජනයකට ලක් නොවී රැකෙන්නට...
වත්මන් සමාජය තුල අපයෝජනය යන කාරණය සාමාන්යනරණය
වෙනවාදැයි බියක් සිතට නැගෙනුයේ දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන අසහනකාරී කාමාතුරයන්ගේ
ක්‍රියාකලාපයන් උත්සන්න වීම හේතුවෙනි.මෙවැනි සමාජ පසුබිමක් තුල ඔබගේ දියණිය,නැගණිය,සොහොයුරිය හෝ පෙම්වතියගේ ආරක්ශාව පිළිබදව
ඔබට දෙවරක් සිතන්නට වන බව පැහැදිලිය.
පුද්ගලයෙකු කාමාතුරයෙකු වන්නේ ඇයි,එසේ වීමට හේතු යන ආදී කරනා පසුගිය ලිපි මාලාව
ඔස්සේ විග්රහ විය.ඒ අනුව සමාජයේ මිනිසුන් මෙවැනි ක්‍රියා සදහා පෙළබෙන්නේ කුමන හේතු නිසාදැයි අවබෝධ
කරගනිමින් එම තත්වයන් වැලැක්වීමට හෝ එවැනි තත්වයන් මගහැර යාමට ඔබට අවබෝධයක් තිබිය යුතුය.
නමුත් ඔබ හෝ ඔබේ සමීපතමයෙක් දැනටමත් එවැනි
තත්වයකට ලක් වී ඇත්නම් එවිට ඔවුන්ගේ මානසික ස්වභාවය හා ඒ සදහා ගත හැකි පියවරයන් පිළිබදව
මේ ඔස්සේ අවබෝධයක් ලබාගත හැකිය.
ඒ අනුව ලිංගික අපයෝජනයකට ලක්වූ දරුවකු තුළ
පෙන්නුම් කරන්නා වූ පොදු ලක්ෂණ කිහිපයක් පිළිබඳව අධ්‍යනය කර හැකිය. මූලිකවම දරුවාගේ කතාබහ වෙනදා මෙන් සිදු නොකිරීම
එනම් දැඩි නිහඬ භාවයක් දරුවා තුල පැවතීම මෙවැනි තත්වයකදී දැකිය හැකය. එමෙන්ම සාමාන්‍ය හැසිරීම් රටාවෙන් ඔබ්බට ගිය පැහැදිලි නොවන
සහ පැහැදිලි කළ නොහැකි මට්ටමේ චර්යාත්මක සීඝ්‍ර වෙනස් කමක් හෝ වෙනස්කම් කීපයක් දැක්වීමද
මෙවැනි තත්වයකදී සිදුවිය හැකිය.
ඊට අමතරව භෞතිකමය වශයෙන් දරුවාගේ ඉරුණු අපිරිසිදු
වූ කැලැල් සහිත වූ හෝ රුධිරය තැවරුණු යට ඇඳුම් තිබීම, දරුවාගේ සිරුරේ විවිධ ස්ථානවල විශේෂයෙන් ලිංගික
ප්‍රදේශවල සහ ගුද මාර්ගය අවට සීරීම් තුවාල තැලීම්
වැනි ලක්ෂණ තිබීම ආදී තත්ව පැවතිය හැකිය. කුඩා
දරුවෙකු උවත් මෙවැනි තත්වයකට පත්වූවන් තුල ලිංගික අත්දැකීම් සම්බන්ධව යම් ප්රකාශනයක් දැකිය හැකිය. ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන යම් රෝගී තත්ත්වයන් පෙන්වීම. ළමා වයස තුළ ගර්භණීත්වයට පත්වීම ආදී කාරණා
බාහිරව නිරීක්ෂනය කර හැකිය. අපයෝජනයක්
සිදුවන්නේ ගැහැනු අයෙකුට පමණක් නොවන බවද සිහිතබා ගත යුතුය.එබැවින් මෙවැනි ලක්ෂණ කාන්තා පිරිමි දෙපාර්ෂවය
තුලම නිරීක්ෂණය කර හැකිය.
ප්‍රධාන වශයෙන් අප විසින් පසුගිය ලිපි ඔස්සේ
සාකච්ඡාවට ලක්කළ විවිධ මානසික අසහනකාරී පුද්ගලයෙකු විසින් ළමයෙකු අපයෝජනයකට ලක්වන ආකාරය
මේ ඔස්සේ පැහැදිලි කරගත හැක.ඒ
අනුව මේ සම්බන්ධව ලබාගන්නා අවබෝධය මත මෙවැනි ක්‍රියාවන් කිසියම් තැනක සෘජුව හෝ වක්‍රාකාරයෙන් සිදුවනවානම් ඔබට ඒ සදහා පියවර ගත
හැකිය.
ඒ අනුව අසභ්‍ය පින්තූර නැරඹීම සඳහා ළමයෙකු යොමුකරවීම, ලිංගික
අපයෝජකයා
විසින් තමාගේ ලිංගික අවයව ස්පර්ශ කිරීම වැනි ක්‍රියාකාරකම් නැරඹීමට දරුවාට බලපෑම් කිරීම, දරුවා සම්බන්ධ කරගෙන අසභ්‍ය වීඩියෝ පට හා චිත්‍රපට නැරඹීම, ළමයා සමග ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ ව සාකච්ඡා කිරීම සහ ඒ
තුළ පවත්නාවූ ආශ්වාදයක් දරුවාට පෙන්වීමට උත්සාහ කිරීම ආදී කාරනා සරලව පෙන්වාදිය හැකිය. එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ කැමරාවක් ඉදිරිපිට
වැනි අවස්ථාවල ලිංගික ක්‍රියාකාරකම්
ඉදිරිපත් කිරීමට දරුවාට බලපෑම් කිරීම මෙන් ම දරුවාගේ ඇඳුම් ඉවත් කොට හෝ නොකොට ලිංගික
ස්පර්ශයන් ලබාදීම ආදී කාරනා ද මේ යටතේ වැඩිදුරටත් පැහැදිලි කර හැකිය.
මෙවැනි තත්ව හමුවේ ප්‍රධාන වශයෙන් දරුවෙකු අපයෝජනයට ලක්විය හැකිය.ඒ අනුව මෙවැනි තත්ව හේතුවෙන් අපයෝජනයට ලක්වන්
තැනැත්තාට දැඩි මානසික බලපෑම් ඇතිවිය හැකිය.ඒ අනුව වයස් බේදයකින් තොරව ඕනෑම අයෙකු ලිංගික
හිංසනයකට ලක්වූ විට ඔවුන් සතුව පහත ලක්ෂණ දැකගත හැකිය.
● කතාබහ කිරීම අඩු වීම.
●
බොහෝම නිහඬතාවයක් දැක්වීම.
● ලොකු රහසක් පවතින පුද්ගලයකු ක්‍රියා කරන අන්දමට හැසිරීම් නිරූපණය වීම.
●
කලහාකාරී ලක්ෂණ පෙන්වීම.
●
නිදාගැනීමේදී දුෂ්කරතා පෙන්වීම.
●
නිසියාකාරව නින්ද නොලැබීම.
● සිහිනයෙන් බය වීම සිහිනයෙන් කතා කිරීම.
● එදිනෙදා කටයුතු වලදී ඇති අවධානය ගිළිහී යාම.
ආදී තත්වයන් දැකිය හැකිය.
දරුවෙකු ලිංගිකව අපයෝජනයකට දැනුවත්ව හෝ නොදැනුවත්වම
ලක්වෙමින් සිටිනවානම් හෝ ලක්වී ඇත්නම් උක්ත සාදක වලට අමතරව දරුවන් තුල තවත් ලක්ෂණ දැකිය
හැකිය.දෙමාපියන් හෝ වැඩිහිටියන් දරුවන් කෙරෙහි විශේෂ
අවධානයෙන් සිටියහොත් එවැනි තත්වයන් හදුනාගත හැකිය.
දරුවන් ළඟ අලුත් සෙල්ලම්
බඩු
කෑම බීම වර්ග,
මුදල් , දුරකථන වැනි දෑ (දෙමාපියන් විසින් ලබානොදුන්) නිතර පැවතීම සහ ඒවා ලැබුණු ක්‍රමවේදයක් පිළිබඳ විමසූ විට නිසියාකාර පිළිතුරක්
ලබා නොදීම හෝ දෙමාපියන් නොදන්නා මිතුරෙකු ලබා දුන්නා යැයි
ප්‍රකාශ කිරීම වැනි අවස්ථාවලදී ද දෙමාපියන් විසින්
දරුවා පිළිබඳ සොයා බැලීම සිදු කළ යුතුය. මන්දයත්
අපයෝජකයෙකු ග්‍රහණයට දරුවා ලක් වී තිබීමේ ලක්ෂණයක් ලෙස මෙවැනි
අවස්ථා බොහෝ සිද්ධීන් සලකා බැලීමේදී වාර්තා වී තිබෙන බැවිනි.
දරුවාගේ හැසිරීම් ගැන සාකච්ඡා කිරීමේ දී ඉහත
ලක්ෂණ වලට අමතරව නින්දේදි මුත්‍රා
පහ වීම,කිසිවෙකු සමිපයට නොයෑම,හේතුවක් නැතිව නිතර ඇඩීම වැනි ලක්ෂණ දැක්විය
හැකිය.
බොහෝ දුරට ළමයෙකු අපයෝජනය කරනු ලබන්නේ නෑදෑයන් , ළඟම හිතමිතුරන් සහ නිවස ආශ්‍රිතව සිටින වෙනත් පුද්ගලයන් මගින් බව ළමා
අපයෝජන පිළිබඳ වාර්තා සලකා බැලීමේදී හොඳින් පැහැදිලි වී ඇති කරුණකි. එනම් දරුවෙකු නිවස ආශ්රිත පරිසරය තුළ නිසියාකාරව රැකබලා ගැනීම දෙමාපියන්
හෝ භාරකරුවන් විසින් සිදු කළ යුතු කටයුත්තකි. දරුවෙකු තුළින් අසල්වැසියෙක් නෑදෑයෙක් හිත
මිත්‍රයෙක් ප්‍රතික්ෂේප කිරීම ළඟට යාමට හෝ එම නිවසට යාමට
අකමැත්ත පළ කිරීම වැනි කාරණා නිරික්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව වැඩිදුරටත් සැලකිලිමත්
වීම දෙමව්පියන් විසින් සිදුකළ යුතු කටයුත්තකි. එමෙන්ම අපයෝජකයා දරුවා බෙහෙවින් ඇලුම් කරන,බෙහෙවින් ආදරය කරන පුද්ගලයකු වන අවස්ථාවකදී
අපයෝජකයා විසින් සිදු කරනු ලබන කටයුත්ත තුළ වැරදි දෙයක් දුටුව ද අපයෝජකයාට ඇති බැඳීම
හේතුවෙන් එය වසන් කිරීමට දරුවා උත්සාහ කිරීම ද සිදුවිය හැක්කකි.දරුවෙකු පිටස්තර පුද්ගලයෙක් පිළිබඳ නිතර නිතර
කතා කිරීම වර්ණනා කිරීම ගුණ කීම වැනි අවස්ථාවලදී ද දෙමාපියන් විසින් දරුවා පිළිබඳව
විශේෂ සැලකිල්ලක් දැක්වීම, සොයා
බැලීම සිදු කිරීම ඉතා වැදගත් කාරණාවකි.
දෙමාපියන්ට අමතරව ගුරුවරුන්ටද ළමයෙකු තුල
පවත්නා මෙවැනි තත්ව නිරීක්ෂනය කර හැකිය.ඒ
අනුව අධ්‍යාපන කටයුතු වලදී පාසල තුළ දරුවා හට අවධානය
පවත්වා ගැනීමේ දැඩි අපහසුතා ගුරුවරුන් හට නිරීක්ෂණය කළ හැකිය. තව ද විෂය අනුබද්ධ ක්‍රියාකාරකම් සහ විෂය සම්බන්ධව ලකුණු ලබා ගැනීමේදී
පෙරට වඩා සීග්‍ර ලෙස ලකුණු මට්ටම් වල අඩුවීම් ද මෙවැනි අපහරණයට ලක්වූ දරුවන් තුළ දක්නට
ලැබෙන ලක්ශනයකි.
තවද පුංචි සාධකයත්
ඔස්සේ තොරතුරු සොයා ග්‍රහණය
කර ගැනීමේ හැකියාව දරුවාගෙන් ගිලිහී යාම ද නිරීක්ෂණය කළ හැකි ය.
දෙමාපියන්, ගුරුවරුන් සමග හොද සම්බන්දතාවයක් පවත්වාගැනීම
මගින් ද දරුවාගේ ආරක්ෂාව වඩා හොදින් සලසාගත හැකි බව මේ ඔස්සේ පැහැදිලිය.
ලිංගික අපයෝජනයට පත් වූ දරුවන් විසින් වෙනත්
දරුවන්
සමග
අත්හදාබැලීම් ලෙස ලිංගික ක්‍රියාකාරකම්
වල නිරත වීම ද සිදු විය හැකි ය. සමවයස්
කණ්ඩායම් අතර පවතින සම්බන්ධතා පිළිබඳව ද දෙමාපියන්ගේ දැනුවත්භාවය මෙන්ම දරුවා විසින්
ආශ්‍රය කරනු ලබන
මිතුරන්
ගේ පවුල් පරිසරය පිළිබඳව දෙමාපියන්ගේ දැනුවත්භාවය ද අපයෝජනයකට දරුවෙකු භාජනය වීම වලක්වා
ගැනීම සඳහා ඉතා වැදගත් ය.
ලිංගික අපයෝජනයකට ලක් වීමට වැඩි සම්භාවිතාවක්
ඇති දරුවන් ලෙස නිතර පවුල් ආරවුල් පවතින පරිසරවල ජීවත්වන දරුවන්, දෙමාපියන් විදෙස් ගතව සිටින විශේෂයෙන් මව
විදෙස්ගතව සිටින දරුවන් මෙවැනි තත්ව සදහා පහසුවෙන් ගොදුරු විය හැකිය.ඊට අමතරව ග්‍රාමීය පරිසර තුළ ජීවත්වන දරුවන් දෙමාපියන්
ගේ දැනුවත්භාවය අඩු බව නිසා අපයෝජන වලට ලක්විය හැකිය. තවද දෙමාපියන්
විසින්
අධික ලෙස නිදහස ලබාදී මෙන් ම අධික ලෙස සීමා පනවමින් ඇති දරුවන්ද ලිංගික අපයෝජනයන්ට
ලක්වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව අපයෝජනය වූ පුද්ගලයින්
පිළිබදව
කරන ලද සමීක්ෂණ ඔස්සේ තහවුරු කර ගත හැකිය.
දෙමාපියෙකු ලෙස තමන්ගේ දරුවා අපයෝජනයට ලක්වී ඇති
බව හෝ වැඩිහිටියෙකු වශයෙන් වෙනත් පුද්ගලයෙකු විසිනි දරුවෙකු
ලිංගික
අපයෝජනයට ලක් වන බව හෝ ලක් කරන බවට සැකයක් හෝ සාධක හමුවුවහොත් ඔබ විසින් මේ සම්බන්ධව
නීතිය ක්‍රියාත්මක කළ හැකි පාර්ශව දැනුවත් කිරීම ඉතා
වැදගත් ය.
මෙහිදී ඔබට පහසුවෙන්ම 1929 යන කෙටි දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබාදී
සිද්ධිය පිළිබඳ වේගවත් ප්‍රතිචාරයක්
ලබාගත හැකිය.
එමෙන්ම ඕනෑම පොලිස්
ස්ථානයක ළමා හා කාන්තා කාර්යංශය
ඇමතීම,
ළමා කාන්තා කටයුතු
අමාත්‍යංශය දැනුවත් කිරීම ද සිදු කළ හැකිය.
තවද ඕනෑම සිද්දියක් පොලීසියට දැනුම් දීමේ දුරකථන අංකය ලෙස 119 ඇමතීම ද සිදුකල හැකිය.දරුවන් පිළිබඳ සිතන දරුවන්ගේ අනාගතය පිළිබඳ වගකීමක් දරණ වැඩිහිටියෙකු දෙමවුපියෙකු ලෙස ඔබට ඕනෑම පොලීසියක ළමා හා කාන්තා කාර්යාංශය හා සම්බන්ධ වී දැනුවත් වීමේ වැඩසටහන් ඔබගේ ගමට නගරයට ලබාගැනීමට කටයුතු සිදු කළ හැකිය. එමෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින නිලධාරීන් ඔස්සේද මේ සම්බන්ධව දැනුවත් වීමේ වැඩසටහන් සඳහා සහභාගි වීම සහ වැඩසටහන් ලබා ගැනීම සිදු කළ හැකිය.
“ඇතැම්විට ඊළග මොතේදී ඔබ,ඔබේ දරුවා,සොයුරිය,පෙම්වතිය ලිංගික අපයෝජනයකට ලක්විය හැකිය.ඇතැම්විට ඔබත් නොදැන ලක්වෙමින් පවතිනවා විය
හැකිය.ඇතැම්විට මෙය කියවන ඔබ මේ වන විට ලිංගික අපයෝජනයකට
මාන බලමින් සිටිනවා විය හැකිය.එසේ
සිදුකර අයෙකු විය හැකිය.ඔබ
කවරෙකු උවද එක් කරුණක් සිහිතබා ගත යුතුය ඒ සමාජය තුල නිරුපද්‍රිතව ජීවත් වීමට ඔබට මෙන් ම අනෙකාට අයිතියක්
පවතින බවයි.එමෙන් ම ඔබ විසින් ඔබේ අයිතිය ආරක්ශා කරගන්නවා
මෙන් අනෙකාගේ අයිතීන් ද ආරක්ශා කර යුතු බවයි”
වෘත්තීය මානව හැකියා සංවර්ධන පුහුණු කරු,වෘත්තීය මනෝ උපදේශක හා මනෝ චිකිත්සක,වාග් නියුරෝන විද්‍යා වෘත්තික,අභිප්‍රේරණ දේශක ධනංජය කොඩිප්පිලි මහතා සමග සිදුකරන ලද සංවාදයක් ඇසුරිනි.
කසුන් චාමර සේනානායක
BA (sp) in Mass Media University Of
Colombo (U.G) / Following DIP Counseling and psychology in IPS (SLNIPC)